Sunday, May 12, 2024
Follow Us
State

ගල් අඟුරු නැව් දෙකක් මුදාගැනීම කල්යයි

State

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා හෙට ඇරඹෙයි

State

අලුත් කැබිනට් එකේ රාජපක්ෂලාට ලැබුණු තැන

State

අධිකරණයෙන් වාරණ නියෝගයක් ?

State

ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්

State

අළුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වනවා. ඒ අනුව එම ජනතාවගේ පහසුව වෙනුවෙන් අද සිට අතිරේක බස්රථ ද ධාවනයට එක්කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. මේ, එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස.

State

යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.

State

නව අමාත්‍ය මණ්ඩලය අප්‍රේල් 18 වනදා දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

State

ඉන්ධන රැගත් නෞකා 02 ක් අද මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ අදාළ නෞකා දෙකෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000 ක් මෙරටට රැගෙන එන බවයි. ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකා 02 මෙරටට ලගාවන බව ද ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

State

මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිදවැටෙමින් පවතින බවයි.

State

තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

State

පැය 2.15ක විදුලි කප්පාදුවක්

State

බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටිනවා.

State

පවතින තත්ත්වය අනුව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන භාවිතයේදී සහය අපේක්ෂා කරන්නේ නම් ඊට සහයෝගය ලබාදීම රාජ්‍ය අංශයේද වගකීමක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පවසනවා.

State

අද දිනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එමෙන්ම දිවයිනේ පිරවුම් හල් කිහිපයක් විවෘත කර තැබීමට උපදෙස් දුන් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ ප්‍රකාශකයකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

State

පාස්කු දිනයට ජනපතිගෙන් සුබ පැතුම්

State

දෙදින තුළ දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුව

State

ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ