පළාත් වියදම් කළමණාකරණය කිරීමේ වගකීමත් ආණ්ඩුකාරවරුන්ට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පලාත් සභාවේ වියදම් කළමණාකරනයේ වගකීම සහ පලාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමේ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා ඇත.
පළාත් සංවර්ධන කටයුතුවලදී ආණ්ඩුකාරවරුන් පලාතේ සියලුම මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධීකරණයක් පවත්වාගෙන යා යුතු බවටද ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබේ.
ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් වෙත ලබාදී ඇති උපදෙස් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට මේ වනවිට ලිඛිතව දැනුම් දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කර තිබේ.
Aruna