Tuesday, February 17, 2026
Follow Us
ගුවන් මගීන්ට හදිසි දැනුම්දීමක්

වාණිජ ප්‍රමාණයේ භාණ්ඩ ගෙන එම තහනම්


වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපොළ හෝ UPB ගබඩා හරහා තහනම් සහ සීමා කරන ලද භාණ්ඩ හෝ තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණයේ භාණ්ඩ ගමන් මළු තුළ රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව විසින් සියලුම ගුවන් මගීන්ට දැනුම්දෙයි.

එම උපදෙස් පිළිපැදීමට අපොහොසත් වුවහොත් පනතේ විධිවිධාන අනුව එසේ නීතිවිරෝධීව ගෙනඑන ලද සියලුම භාණ්ඩ රාජසන්තක කිරීම සහ එයට අමතරව දඩ පැනවීමට කටයුතු කරනු ලබන බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

Aruna