2021 - 2022 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල කිහිපයක නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සතුව දැනට පවතින තිරිගු පිටි තොග වෙළඳපලට මුදාහරින ලෙස අද දිනයේදී ලිඛිත ඉල්ලීමක් කරන බව වෙළඳ, වාණජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඉන්ධන බෙදාහැරීමේදී පැවැති අඩුපාඩු නිවැරදි කර ගනිමින් පසුගිය දින 4 දී වැඩි වශයෙන් ඉන්ධන තොග බෙදාහැර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ආර්ථික අර්බුදය විසදන්න පුළුවන්
ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹීය.
සිල්ලර වෙළඳපොලේ බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල රුපියල් 50 ක් දක්වා වැඩි කෙරේ.
ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
වනජීවී දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා වෙනත් රාජ්‍ය ආයතනවල සේවකයින් යොදවා ගැනීමට සාකච්ඡා කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් බලපෑමට ලක්වූ වෙරළ ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු තවත් වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
Page 144 of 645