භාරදුන් අභියෝගය භාර ගෙන දකුණේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා. ගාල්ල මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ඉකුත් කාලසීමාවේදී අම්බලන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ වෙඩි තැබීම්වලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් 40 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.
Neth