Monday, November 18, 2024
Follow Us
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

සිසුන්ට සිදුවන බලවත් අසාධාරණයක් අධ්‍යාපන ඇමති කියයි


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින්.

එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදුවන බලවත් අසාධාරණය වැළක්විය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

නමුත් දෙමාපියන්ට අවශ්‍ය වන්නේ 7-8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් එම තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna