Monday, November 18, 2024
Follow Us
රෙජස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සහතික කර මහජනතාව වෙත නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛණයක සහතික පිටපත් මාස 06 ක කාලසීමාකින් අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එබැවින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පැහැදිළි සහතික පිටපතක් පවතින්නේ නම් නැවත පිටපතක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොවන බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Neth