මිල ප්‍රදර්ශනය කරන ටැක්සිවලට වැඩියෙන් ඉන්ධන
වෘත්තිමය ත්‍රිරෝද රථ රියැදුරන් හඳුනා ගැනීමට හැකියාවක් තිබේ නම් ඔවුන් සඳහා ඉන්ධන ලබා දීමේ දී විශේෂ වැඩපිළිවෙලක් සකස් කල හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අද(06) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ, මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ඉන්ධන පිරවුම්හලක් විවෘත කර ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දී ඇති බවයි.
එහිදී පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ,
“මෙය ත්‍රීරෝද රථ සංගමය කළ ඉල්ලීමක්. ත්‍රිරෝද සංගමය විවිධ ප්‍රවාහන ආයතන සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ.එතකොට ඒ පිරවුම්හලක් වෙනුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඒ ඉල්ලීමට අපි අවසරය ලබා දීලා තියෙනවා.ඒ නිසා තමයි අපි කිව්වේ එවැනි ආකාරයේ නියාමනයක් සිදු වෙනවා නම් විශේෂයෙන්ම වෘතිමය වශයෙන් ඉන්න ත්‍රීරෝද රථ හිමියන් අදුනා ගන්න පහසුවෙනවා නම් අපිට තව තවත් ඉන්ධන පිරවුම් හල් ඒ ආකාරයට වෙන් කරලා ලබා දෙන්න පුළුවන් බව අපි ඔවුන්ට පවසලා තියෙනවා.”
තවද මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
දැනට ඉන්ධන පිරවුම් හල් වලින් ලබාදෙන තෙල් කෝටාවට අමතරව එම ඉන්ධන කෝටාව ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩුදුරටත් සඳහන් කළේය.
Aruna