රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ හේතුවෙන් රජය දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
2021 (2022) අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම් පත් යොමු කිරීමේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවාව යටතේ නිකුත් කරනු ලබන සහතික ප්‍රතය අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.
විවිධ රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති තානාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
රාජ්‍ය නිළධාරීන් සේවයට වාර්තා කිරීමේදී භාවිතා කළයුතු ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා. ඊට අදාල උපදෙස් මේ වනවිටත් ලබා දී ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.
ඉදිරියේදී සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ නිසි අධ්‍යයනයකින් බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් ද පත් කර ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.
වෙහෙර විහාරස්ථාන ඇතුලු ආගමික සිද්ධස්ථානවලට ණය පදනම මත සූර්්‍ය පැනල ලබාදීමට සැලසුම් කර ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින්.
මහා භාණ්ඩාගාරයට බරක් නොවී ඕනෑම අමාත්‍යංශයකට කටයුතු කිරීමේ හැකියාව ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්.
සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග පැවැති හමුවකදී ජනාධිපතිවරයා එය අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අත්‍යවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාවෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සියයට 24ක් පමණක් වන බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කර තිබෙනවා. එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉකුත් මාර්තු 31වනදා වනවිට වී අලෙවි මණ්ඩලයේ ගබඩාව ද ගබඩා කර තිබුණේ වී ටොන් මෙට්ට්‍රික් ටොන් 75,237ක් පමණක් බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍යය සංචාරයට සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
Page 127 of 638