Sunday, February 15, 2026
Follow Us
රා ගැන අලුත්ම අනාවරණය

දෛනික රා අවශ්‍යතාව ලීටර් 160,000 ක්


දෛනිකව රා ලීටර් 115,000 ක් පමණ නීති විරෝධී සහ සෞඛ්‍යයට අහිතකර ක්‍රමවේද භාවිත කරමින් නිෂ්පාදනය කෙරෙන බව මුදල් අමාත්‍යංශයේ (19) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික රා අවශ්‍යතාව ලීටර් 160,000 ක් වුවත් දෛනික රා නිෂ්පාදනය දැක්වෙන්නේ ලීටර් 45,000 ක් ලෙසයි.

ඉතිරි ප්‍රමාණය සැපයීම සඳහා මෙලෙස සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රමවේද භාවිත වන බවයි අනාවරණ වී ඇත.

එසේම මධ්‍යසාර නිෂ්පාදකයින් විසින්ම අලෙවිසැල් පවත්වාගෙන යාම සහ එමඟින් රජයට බදු අහිමි වීම සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබාදෙන ලෙස සාකච්ඡාවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උපදෙස් ලබා දී ඇත.

Aruna