පහළ ගිය භාණ්ඩ මිල මෙන්න
වෙළෙඳපොළ තුළ මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
(18) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව,
*පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල් 398 දක්වාත්,
*නාඩු සහල් කිලෝවක මිල රුපියල් 220 සිට රුපියල් 165 දක්වාත්,
*සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210 සිට 160 දක්වාත්,
*සීනි කිලෝවක මිල රුපියල් 375 සිට රුපියල් 275 දක්වාත්,
*තිරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 395 සිට රුපියල් 275 දක්වාද
පහත වැටී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා තමා සමග ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Aruna