නීති හදන කම්කරු ඇමැතිවරයෙකු වීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ
කම්කරු ඇමති ලෙස තමන්ගේ ඒකායන බලාපොරොත්තුව කම්කරුවාට පාරට බහින්නට සටන් පාඨයක් සොයාගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය කිරීම බව කම්කරු හා විදේශ කටයුතු ඇමැති මනුෂ නානායක්කාර පැවැසීය.
නීති හදන කම්කරු ඇමැතිවරයෙකු වීමට තමාට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ එක ම අභිප්‍රාය කම්කරුවාගේ සටන් පාඨ අහිමි කිරීම පමණක් බවත් ඔහු පවසා සිටියේය.
Glocal Fair 2022 උළෙලට සමගාමී ව අඩු ආදායම්ලාභී පාසල් දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පසුගියදා ඔහු එසේ පැවැසීය.
එහි දී පැමිණ සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.
‘’ කම්කරුවට සටන් පාඨ නැති කරනවා කියන්නේ මොකක්ද ? කම්කරුවට ප්‍රශ්න නැති කරනවා කියන එක. ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ මොකක්ද ? කම්කරුවන්ගෙ ජීවිතය සෞභාග්‍යමත් කරන එක. කම්කරුවගේ ජීවිතයට සෞභාග්‍ය උදා වෙනවා කියලා කියන්නේ මොකක්ද ? කම්කරුවා හා ස්වාමියා අන්‍යෝන්‍ය අවබෝධය සහිත ශක්තිමත් සබඳතාවයක් ඇතිවීම. කම්කරු ඇමැතිවරයා හැටියට මං සාර්ථක කරගන්න කැමති එක හීනයක් තමයි ඒක.
මට තවත් හීනයක් තියෙනවා. කම්කරුවා නැත්තට නැති කරන එක. කම්කරුවා කිව්වම අපේ ඔළුව ඇතුලේ හැදෙන රූපය මොකක්ද ? බොහොම දුප්පත් , මැයි දිනේ එහෙම නැත්නම් කම්කරු දිනේ දවසට පාරට බහින, කිලිටි මනුස්සයෙක්. නැත්නම් සටන් පාඨ කියාගත්ත, රතු කමිස ඇඳ ගත්ත වේදනාවෙන් පෙලෙන දිරා ගිය මනුස්සයෙක්. මේ රූප නෙමේද අපේ ඔළුව ඇතුලේ ඇඳෙන්නේ. ‘’
අශිකා ජයවීර
Aruna