ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළුව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අදාළ නිර්දේශ තම අනුකමිටුව මගින් ජාතික සභාවට කඩිනමින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවනවා.
ඒ, මන්ත්‍රීවරයා සභාපතිත්වය දරණ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබද ජාතික සභාවේ අනු කමිටුව රැස්වූ අවස්ථාවේදීයි.
එම අනු කමිටුවේ ප්‍රථම රැස්වීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරින් එක්ව සිටියා.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම කඩිනම් කිරීමට අවශ්‍ය දත්ත රැස්කිරීම, පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ දත්ත ආරක්ෂණ ඒජන්සිය කඩිනමින් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු පිළිබඳ එම රැස්වීමේදී අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය හරහා යාවත්කාලින කිරීම සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීමට අණපනත් සංශෝධනය වීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස අනුකමිටුවේදී සාකච්ඡා වී තිබෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් සති 02 ක් තුළ අනු කමිටුවට ඉදිරිපත් කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න වෙත අනු කමිටුව විසින් නිර්දේශ කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළුව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් අද උදෑසන පළමුවරට අනාවරණ කළා.
Neth