Sunday, February 15, 2026
Follow Us
O/L ප්‍රතිඵල පිටවෙන දවස කියයි

ලබන මාසය අවසන් වීමට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මෙවර සා.පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්විණි

මෙවර පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 110367 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් මෙවර විභාගයට පෙනී සිටියිහ.

විභාග මධ්‍යස්ථාන 3844ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් පිහිටුවා විභාග කටයුතු සිදු විය.

mirror