ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2023 සිට 2030 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සංවර්ධන කිරීමේ සැලසුම සම්බන්ධයෙන්වූ විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණි.
රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැති බවත්, ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය – 2023 උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 1 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරේ.
නැගෙනහිර පළාතේ බලශක්ති අංශයේ සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා සමඟ පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
බන්ධනාගාර රැදවුම්කරුවන් සඳහා ප්‍රමාණවත් පරිදි ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒ සඳහා විකල්ප ගොඩනැගිල්ලක් ඉදි කිරීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා දුම්බර බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත වූ බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.
කාලක සිට දුම්රිය ධාවනය නොකර අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ කෙරිණි.
අද (09) උදෑසන සිදුවු දුම්රිය අනතුරත් සමග ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබු අතර මේ වනවිට එහි ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් පමණක් දුම්රිය ධාවනයට විවෘත කර තිබේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ, අනතුරට ලක්වූ දුම්රියට පසු ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 12ක් ගාල් කර ඇති බැවින් ඒවා එකින් එක තනි දුම්රිය මාර්ගයේ ධාවනය කරවීමට සලස්වන බවයි.
කෙසේ වෙතත් දුම්රිය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
අනෙක් මාර්ගයේ පවතින අවහිරතා ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවේ.
පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වූ “පවුසි” නමින් හැඳින්වෙන දුම්රිය, මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයකදී උදෑසන 5.55 ට පමණ අනතුරට ලක්විය. ඒ, ධාවනය වූ එම දුම්රියේ කන්ටේනර් රථයක් ගැටීමෙනි. මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පැය කිහිපයන් සම්පූර්ණයෙන්ම නතර විය.
අමතර පන්ති සඳහා අනවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම දරුවන්ගේ පෝෂණය සඳහා දෙමාපියන්ට මුදල් යෙදවීමට නොහැකි ප්‍රධාන හේතුවක් වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට ඉදි කරන ලද බණ්ඩාරවෙළ කහත්තේවෙල අර්තාපල් තීරු (French Fries) සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගියදා එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කරන තිබේ.
පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත්කිරීම බවත් ඊට අනුගතව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරකදී අදහස් දක්වමිනි.
දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවි තැනට අවශ්‍ය ජලය ලබා දීම සඳහා සකස් කිරීමට රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් මෙම වසර සඳහා අනුමත කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.
වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගා වොට් 15ක සුළං බලාගාරය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇත.
Page 64 of 642