Thursday, November 28, 2024
Follow Us
දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම අවලංගු කෙරේ

ෙදුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව අද (5) සේවයට වාර්තා කිරීමට නියමිත සියලුම දුම්රිය උප නියාමකවරු අද දින දහවල් දොළහට පෙර සේවයට වාර්තා කළ යුතුය.

ඊයේ (04) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය පොදු නීතිය අනුව කටයුතු කරමින් සිටින අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර අභ්‍යන්තර පරීක්ෂනයක් ආරම්භ කර තිබෙන බව ඔහු සඳහන් කරයි.

අංක 2349/19 හා 2023 සැප්තැම්බර් මස 12 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් මහජනතාව අපහසුවට පත් නොවන පරිදි අඛණ්ඩා හා කාර්යක්ෂම දුම්රිය සේවයක් පත්වාගෙන යාම සඳහා අද (05) පැය 12.00ට පෙර නියමිත සේවා ස්ථානවලට වාර්තා කිරීමට අපහසු නිලධාරීන් ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කළ යුතු ය.

දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන අතර එසේ කිරීමට අපොහොසත් වන සියලුම නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව දුම්රිය සේවය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.