Thursday, November 28, 2024
Follow Us
මහනුවර පොත්තපිටිය නව කාර්මික ජනපදයේ වැඩ ආරම්භ කෙරේ

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් , පැවැත්වෙන Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමිව මහනුවර පොත්තපිටිය නව කාර්මික ජනපදයේ වැඩ කටයුතු ආරම්භය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 07) සිදුකෙරිණි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ රටපුරා පවතින කර්මාන්ත පුර 16 අතරට මෙම නව කාර්මික ජනපදය 17 වෙනි කර්මාන්ත පුරය ලෙසින් එක්වන අතර මධ්‍යම පළාත තුළ හතරවෙනි කර්මාන්ත පුරය වෙයි. එමෙන්ම මෙම අභිනව කාර්මික ජනපදය මහනුවර දිස්ත්‍රික්කයේ කර්මාන්ත නවෝදය වෙනුවෙන් යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට දීර්ඝ කාලයක පටන් වූ අවශ්‍යතාවයක් සැපරීමක් ලෙස හදුනාගත වෙයි.

අක්කර 24ක භූමි වපසරියක ක්‍රියාත්මක කරන මෙම කාර්මික ජනපදය තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන කර්මාන්ත ආයතන 50කට අධික ප්‍රමාණයකට අවස්ථාව සලසා දෙන අතර ඒ තුලින් රැකියා අවස්ථා 2500 කට අධිකව උත්පාදනය කිරීම ප්‍රමුඛ අපේක්ෂාව වෙයි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළින් රට ආර්ථිකව නගා සිටුවීමට නම් නව කර්මාන්ත ආරම්භ කිරීම වෙනුවෙන් කර්මාන්ත පුරයන් සදහා වන භූමි වපසරියන් වඩාත් පුළුල් කල යුතු බවත් , කාර්මීකරණයෙන් දියුණු රටවල් තම රටේ සමස්ථ භූමියෙන් 1% කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඒ සදහා වෙන්කොට ඇති බවයි. එහෙත් ලංකාවේ කර්මාන්ත සදහා වෙන්කොට ඇති භූමි ප්‍රමාණය සමස්ථ රටේ භූමියෙන් 0.04% ක් බවත් , එය 1% ක ප්‍රමාණයක් දක්වාවත් ගෙන ඒම රජයේ අපේක්ෂාව බවත් වැඩිදුරටත් සදහන් කළේය.