Thursday, November 28, 2024
Follow Us
සූර්ය හා සුලං ප්‍රභව විදුලිබල උත්පාදන ව්‍යාපෘත ගැන සාකච්ඡාක්

මෙගා වොට් 3000ක බිම්ගත සූර්ය පැනල මගින් සහ ජලය මත පාවෙන සූර්ය පැනල මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් සහ මෙගා වොට් 1000ක සුලං ප්‍රභව මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සදහා වන අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් සහ ජල ප්‍රභව හදුනාගැනීම් ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැත්විණි.

රජයේ ප්‍රතිපත්ති තීරණයකට අනුව පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීමත් සහ එයට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමත් මෙහිදී සිදු කෙරේ.

එහි පළමු පියවර ලෙස පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීම සදහා මහා පරිමාණ ව්‍යාපෘති සංවර්ධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සතු සමනල වැව ජලාශයේ පාවෙන සුර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමට තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ආයෝජන අවස්ථා සඳහා විවෘත කිරීම සිදු කරනු ලැබේ.

මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරින් සහභාි වූහ.