මාර්තු 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ලියාපදිංචි වීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
ඒ අනුව අදාළ පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදී ඔවුන්ට ලියාපදිංචි වීමට හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ ලියාපදිංචි වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් නිවේදනය කළේ ඊයේ (16) දිනයේදීයි.
(Neth)