Sunday, June 30, 2024
Follow Us
වැ.බ. අධ්‍යාපන ඇමැති ගුරුවරුන්ගෙන් කළ ආයාචනය


සමස්ත පාසල් දරුවන් වෙනුවෙන් හෙට(28) සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නියුතු ගුරුවරුන්ගෙන් සිටින බව වැඩබලන අධ්‍යාපන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආයාචනා කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල්වල කිසිඳු ගුරු වර්ජනයකින් තොරව අඛණ්ඩ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම පාසල්වල අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන් මෙම ගුරු වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන බව අවධාරණය කළේය.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ ගුරු සේවා වැටුප් වැඩි කර තිබිය දී සමස්ත රාජ්‍ය සේවකයන්ට වැඩිකළ දීමනාව ගුරුවරුන්ට ද ලබා දීමට ජනාධිපතිතුමන් කටයුතු කළ බවයි.

පැවති ගුරු වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස 2022 වර්ෂයේදී කමිටුවක් පත්කර iii 2 ශ්‍රේණියට 14% කින් වැටුප් වැඩි කර ඇති අතර ඒ අනුව මසකට රුපියල් 3750ක මුදල්කින් වැටුප් වැඩිවෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම 1 ශ්‍රේණියට 26% කින් වැටුප් වැඩිකර ඇති අතර රුපියල් 17,720.00 කින් එම ශ්‍රේණියේ වැටුප් වැඩි වී ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා 2023 වර්ෂයේ සමස්ත රාජ්‍ය සේවයට රුපියල් 10,000 වැටුප් වැඩිකළ අතර එම වැඩිවීම ගුරුසේවයටද ලබා දුන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.