Sunday, June 30, 2024
Follow Us
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය පිළිබඳ සාකච්ඡාවක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්‍යන්තයේ සංවර්ධන සැලසුම සහ එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සමාගමේ කළමනාකාරීත්වය සමඟ පැවැත්විණ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියානු ඉන්ධන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර එහි තෙල් ටැංකි 61 ක් අන්තර්ගත වේ.

මෙම සාකච්ඡාවට අනුව ටැංකි 61 ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට, නල මාර්ග පද්ධතිය සැලසුම් කිරීමට, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කිරීමට හා රටේ අවශ්‍යතාවය මෙන්ම අපනයන කටයුතු වෙනුවෙන් ඉන්ධන ගබඩාකිරීම සඳහා ටැංකි සංවර්ධනය කිරීම සිදු කිරීම අදියර කිහිපයක් ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වේ.