Sunday, February 08, 2026
Follow Us
යහපාලන ආණ්ඩුවේ දූෂිත ඇමැතිලාට වැඩ වරදියි – අල්ලස් පැමිණිලි යට ගිය හැටි හොයන්න විමර්ශන

පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ඇමැතිවරුන්ට එරෙහිව අල්ලස් සහ දූෂණ කොමිසමට සිදුකළ පැමිණිිලි හරිහැටි ක‍්‍රියාත්මක නොවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ඇරැුඹීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

මේ අනුව මෙම පරීක්‍ෂණ කටයුතු හිතාමතාම යටපත් කළ නිලධාරීන් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව ද පොලිසිය කියයි.

මීට අමතරව පසුගිය ආණ්ඩුව සමයේ ඇතැම් ඇමැතිවරුන්ගේ විවිධ අක‍්‍රමිකතාවලට එරෙහිව ලැබුණු පැමිණිලි අනුව පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්‍ෂණ කිසියම් හේතුවක් මත යටපත් වී ඇත්නම් ඒ පිළිබඳව ඒ ඒ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන ලෙස ද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(Lanka Leads)