මෙම මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය පසුගිය 18 වන දින ආරම්භ වූ අතර ලබන.28 දක්වා වීථි සංචාරය කරනු ලබයි.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.
පෙරහර කාලසීමාවන් තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා දෛනික රථවාහන සැලැස්ම පහත පරිදි වේ.
2026.08.24 වන දින දෙවන රන්දෝලි පෙරහර මාලිගාවෙන් ආරම්භව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, යටි නුවර වීදිය, රජ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතව ඇත.
-
පෙරහර ආරම්භය එදින පැය 19.00
-
පෙරහර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 01 මීටර් 950 ක් වේ.
එම කාලය තුළ මහනුවර නගරය තුල ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි වේ.
විකල්ප මාර්ග
-
කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කල හැකිය.
-
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කල හැකිය.
-
කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කල හැකිය.
-
තැන්නේ කුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රියපොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කල හැක. එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය.
-
නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කල හැක. තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේ කුඹුර දෙසට ගමන් කල හැකිය.
-
කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කළ හැකිය