ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ තිබේ.
එයට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වන ලදී.මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා කලක් මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර මේ දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
මෙම අගෝස්තු 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්වීම සිදු කර ඇත.