Monday, August 24, 2026
Follow Us
ඕස්ට්‍රේලියානු Jetstar ගුවන්සේවය හෙට සිට කොළඹ එයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways හෙට (අගෝස25) පළමු වරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

මෙය මෙල්බර්න් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ලෙස ආරම්භ වන අතර JQ5 මංගල ගුවන් යානය මෙල්බර්න් වෙතින් හෙට දහවල් 12.00ට පිටත්ව පස්වරු 5.50ට කොළඹට ළඟා වීමට නියමිත අතර, JQ6 ආපසු ගුවන්යානය පස්වරු 7.50ට කොළඹින් පිටත්ව පසුදින පෙරවරු 10.00ට මෙල්බර්න් වෙත ළඟා වේ.

මෙම නව ගුවන් ගමන් සතියකට තුන්වරක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනයන් හි Boeing B787-8 Dreamliner ගුවන්යානා භාවිත කරමින් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාවේ Jetstar හි General Sales Agent (GSA) ලෙස Hayleys Aviation කටයුතු කරයි.