අගෝස්තු මස පළමු වැනිදා සිට 18 වැනිදා දක්වා ගතවූ දින 18ක කාලය තුළ මෙරටට සංචාරකයින් 125,562 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය සහ ජර්මනිය යන රටවලින් පැමිණ තිබේ.
මේ අතර, ජනවාරි මස පළමු වැනිදා සිට අගෝස්තු 18 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,468,980ක් බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි