අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක් තුල සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
ඉකුත් වසර දෙකක කාලය තුළ අලි මිනිස් ගැටුම් වැළැක්වීම සදහා අලි වැට ඉදිකිරීමට රුපියල් කෝටි 49 ක් වැය කළද එමගින් අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුව නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වී තිබෙනවා.
කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් යාපනය නගරයේ වීදි දෙකක් හුදෙකලා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
A security plan has not yet been discussed for the Colombo Port City, officials said.
තවත් කොවිඩ් මරණයක් ඊයේ(26) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා භාර ගැනීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ ඉදිරිපත් වී ඇත.
No matter what are the difficulties the Government experiences, they have no right to increase the fuel or domestic gas prices, Ceylon Petroleum Corporation's (CPC) Jathika Sevaka Sangamaya wing's (JSS) Secretary Ananda Palitha said.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන රාජ්‍ය අමාත්‍යයාංශ තුනක් සහ ඇමැති කාර්යාල දෙකක් වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ දහ නවදහස් හයසිය අසූ පහක් ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.
පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15000ක් මේ වන විට හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා. එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේ.
රජයෙන් සහන නොලැබුනහොත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළ දැමීමට වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරයි.
වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා පොල්තෙල් සාම්පල ලබාගැනීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසුවේ මෙරටට ආනයනය කර ඇති බවට හදුනාගත් පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් වෙළද පොලට මුදාහැර නොමැති බවයි. එහෙත් මහජනතාව තුළ පවතින සැක දුරු කිරීම සදහා පොල්තෙල් සාම්පල පරීක්‍ෂණ සදහා යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන් යොදාගෙන කරන නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් හා පරිත්‍යාග කිරීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත ඊයේ (24 වැනිදා) දන්වා සිටියේය.
Page 471 of 767