ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද සමරනු ලබනවා.
මහ සිකුරාදා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්ය හා ශක්තිය ජීවිතයට ළඟා කරගත හැකි අධ්‍යාත්මික මාර්ගය මෙනෙහි කිරීමට අද වැනි දිනයක් සියළුදෙනාට එක සේ වැදගත් වන බවයි. ජීවිතාදර්ශය තුළ සැබෑ වෙනසක් අත්දකිමින් සමාජය තුළ මුහුණ දීමට සිදු වන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යොන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරන බව ද මහ සිකුරාදා දිනය වෙනුවෙන් ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුබාංශිංසන පණිවුඩයේ සඳහන්.
(Neth)