Sunday, February 08, 2026
Follow Us
පරිප්පුවලත් ඇල්ෆාටොක්සීන්

පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 3150ක් පමණ වැලිගම විවිධ සේවා සමූපකාර සමිතියේ තිබී සොයා ගෙන තිබේ.

වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්. නිහාල් මහතා පැවසුවේ එම එම පරිප්පු කල් ඉකුත් වූ ඒවා බවයි.

එම පරිප්පු තොගයේ ඇල්ෆාටොක්සීන් පිළිකාකාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළිදරව් වී ඇති බව මහතා පැවසීය.

පාරිභෝගිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙම පරිප්පු තොගය සොයාගෙන ඇත.

(Aruna)