බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි අද (29 වැනිදා) ආරම්භ කෙරේ.
වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 31 වැනි දා රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා පොල්තෙල් සාම්පල ලබාගැනීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසුවේ මෙරටට ආනයනය කර ඇති බවට හදුනාගත් පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් වෙළද පොලට මුදාහැර නොමැති බවයි. එහෙත් මහජනතාව තුළ පවතින සැක දුරු කිරීම සදහා පොල්තෙල් සාම්පල පරීක්‍ෂණ සදහා යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
All schools in the Jaffna Educational zone are to be closed for a week from today (29), Secretary of the Northern province Education ministry - Mr. M. Ilangkovan says.
අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක් තුල සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
ඉකුත් වසර දෙකක කාලය තුළ අලි මිනිස් ගැටුම් වැළැක්වීම සදහා අලි වැට ඉදිකිරීමට රුපියල් කෝටි 49 ක් වැය කළද එමගින් අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුව නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වී තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
A security plan has not yet been discussed for the Colombo Port City, officials said.
තවත් කොවිඩ් මරණයක් ඊයේ(26) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අයික්‍රීම්,යෝගට්, චොකලට් බටර් ඇතුළු ආහාර තොගයක් විනාශ කළ බව පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කේ.කේ.ඒ.මධුජිත් මහතා සඳහන් කර තිබේ.
No matter what are the difficulties the Government experiences, they have no right to increase the fuel or domestic gas prices, Ceylon Petroleum Corporation's (CPC) Jathika Sevaka Sangamaya wing's (JSS) Secretary Ananda Palitha said.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15,000ක් මේ වන විට හඳුනාගෙන ඇති නමුත් ඔවුන් එම අවදානම් තැන්වලින් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්‌යේසණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.
යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.
පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මෙරට ගෑස් මිල ගණන් ඉහල දැමිය යුතු බව ගෑස් සමාගම් පවසනවා. ඔවුන් කියා සිටියේ ලබන මාසයේදී ගෑස් මිල වැඩි නොකළහොත් සිය ව්‍යාපාර දැඩි අර්බුධයකට පත්වන බවයි. ඒ, දිගින් දිගටම ලෝක වෙළදපොලේ ගෑස් මිල ගණන් ඉහල යාම හේතුවෙන්. ලබන මාසයේදීද තවදුරටත් ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහල යනු ඇති බවටයි ගෑස් සමාගම් විශ්වාසය පළ කරන්නේ.
නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15000ක් මේ වන විට හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා. එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේ.
Page 435 of 732