Thursday, February 05, 2026
Follow Us
පාන් පිටිත් ඉහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ඊයේ (15 වැනිදා) සිට රුපියල් 3.50කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

මේ අනුව පිටි කිලෝ ග්‍රෑම් එකක නව මිල රුපියල් අසූ තුනයි ශත පනහක් (83.50) වනු ඇත.

ප්‍රීමා සමාගම මීට පෙර රොටි නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන පිටි කිලෝග්‍රෑම් එකක මිලද රුපියල් 4කින් වැඩි කළේය.

(Aruna)