ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා. එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේ.
රජයෙන් සහන නොලැබුනහොත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළ දැමීමට වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරයි.
ධාවන තත්ත්වයට නුසුදුසු ටයර් භාවිතා කරමින් රිය ධාවනයේ යෙදනා පුද්ගලයින් සොයා දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන් යොදාගෙන කරන නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් හා පරිත්‍යාග කිරීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත ඊයේ (24 වැනිදා) දන්වා සිටියේය.
කුවේට් රජයෙන් පිටුවහල් කරන ලද ලාංකිකයන් 112 දෙනෙකු එරට විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙන බව ගුවන්තොටුපල කාර්යය භාර නිලධාරියා සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් යාපනය නගරයේ වීදි දෙකක් හුදෙකලා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 554ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
The Cabinet of Ministers has granted approval for the importation of suspended ceramic products on a 180-day loan basis.
බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා භාර ගැනීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ ඉදිරිපත් වී ඇත.
All liquor shops in the Colombo District would be closed today to observe the day of mourning on account of the final rites of Supreme Prelate of the Amarapura chapter Most Ven. Kotugoda Dhammawasa Thera, the Excise Department said.
ලෝක ක්‍ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා. ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරටදී පුද්ගලයින් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙරට තුළ හදුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් සමාජයේ සිටින බව ද ක්ෂයරෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය, වෛද්‍ය සුවනි දසනායක සදහන් කළා.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන රාජ්‍ය අමාත්‍යයාංශ තුනක් සහ ඇමැති කාර්යාල දෙකක් වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ දහ නවදහස් හයසිය අසූ පහක් ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
Several State institutions affiliated to the Ministry of Health, trade unions and professional bodies led by the National Authority on Tobacco and Alcohol (NATA) stated the purported locally-manufactured ‘Ayurvedic’ cinnamon cigarette is a violation of existing laws and underscored the serious health risks posed by such products to public health, especially children.
මාර්ග අනතුරු අවම කිරීම සදහා මෙරට ක්‍රියාත්මක මෝටර් රථ රක්ෂණ ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව වරලත් ප්‍රවාහන හා ලොජිස්ටික් ආයතනයේ ගෞරව සාමාජික රොහාන් අබේවික්‍රම පවසනවා. මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් ප්‍රවාහන අමාත්‍යංශය ඇතුලු අදාළ පාර්ශ්වයන්ට ද ඉදිරිපත් කර ඇති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින් ඔහු සදහන් කළේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
To overcome the shortage of doctors in the health sector, the Government Medical Officers' Association (GMOA) requested the Government to extend the doctors' retirement age to 63.
ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාර ම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (23) හෙළිදරව්වක් සිදුකළේය.
Page 436 of 732