Three persons including the father-in-law of Easter Sunday attack mastermind Zahran Hashim were arrested by the Terrorism Investigation Division (TID) at Kekunagolla in Kuliyapitiya for having attended extremist ideology lessons conducted by Zahran.
හම්බන්තොට වරායට පැමිණි නෞකාවේ තිබී ඇත්තේ න්‍යෂ්ටික බලාගාරවල ඉන්ධන සදහා භාවිතා කරන විකිරණශීලි ද්‍රව්‍යයක් බව අනාවරණ වී තිබෙනවා. නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් මෙම නෞකාව ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එය අළුත්වැඩියා කිරීම සදහා හම්බන්තොට වරායට ඇතුල් වී ඇත්තේ ඉකුත් 20වනදා රාත්‍රී 9.00ටයි.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
Health authorities have focused attention on the need to lock down several villages in the Divulapitiya MOH Division due to the emergence of several Covid-19 cases.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන අද දිනයේද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරෙනවා.
කොවිඩ් ව්‍යාප්තිය වැඩි වුවහොත් වෙසක් උත්සවය ආගමික කටයුතුවලට පමණක් සීමා කරමින් පැවැත්වීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.
ගනේවත්ත තිත්තවැල්ගල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් ඇත්තේ ගව මස් අලෙවි සැලක් මාර්ගයෙන් බව අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ගත වූ දින හතර ඇතුළත කොළඹ අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් ආසාදිතයන් 141 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රධාන හෙද පාලිකා ගීතානි උඩුගම් කෝරාළ පවසයි. ඊයේ (21 වැනිදා) පස්වරුව වන විට කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 8 දෙනකු ප්‍රතිකාර ලබන බවද ඇය සඳහන් කළාය.
මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක වලින් නව ආසාදිතයන් 11ක් වාර්තා වී තිබෙන බවත් අද (21) පෙරවරු 6.00 පමණ වන විට ආසාදිතයන් 8058ක් දක්වා ඉහල ගොස් තිබෙන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, හොරගස්කැලේ ග්‍රාමයෙහි ආසාදිත 17 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් 11දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ(21) හඳුනා ගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සදහා පත් කරන සාමාජිකයන්ගෙන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට අවශ්‍ය නම් යෝජනා කිරීමට ජනාධිපති ලේකම්වරයා සූදානම් බව අද ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
කොවිඩ් – 19 වයිරසය වැලඳුණු තරබාරු පුද්ගලයන්ට දරුණු ආසාදන තත්ත්වයන් ඇතිවන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
රාජ්‍ය බැංකුවක සේවකයන් හැත්තෑවකට කොවිඩ් වැලඳී ඇත්තේ අලුත් අවුරුද්දට ටේලර් යන්ත්‍රවලට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා බැංකුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් පසු බව අනාවරණය වේ.
Page 436 of 744