Thursday, February 05, 2026
Follow Us
තවත් ප්‍රබල කුඩු ජාවාරම්කරුවන් හයදෙනෙකු බූස්ස බන්ධනාගාරයට

ප්‍රබල ගනයේ තවත් මත්කුඩු ජාවාරම්කරුවන් හය දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ එම පිරිස මීට පෙර විවිධ බන්ධනාගාරවල රදවා සිටි බවයි.

මහර බන්ධනාගාරයේ රදවා සිටි කේ ඩී එම් පියාස් නොහොත් පියාස් නානාද එලෙස මාරු කළ රැදවියන් පිරිස අතරට අයත්.

එමෙන්ම තවත් ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මහින්ද කුමාර නොහොත් රැවුල් කුමාරද මහර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා. අනෙක් රැදවියන් වැලිකඩ, මැගසින් සහ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරවල රදවා සිටියා.

බූස්ස බන්ධනාගාරයට මාරු කෙරුණු මෙම පිරිසත් සමග එහි රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ගණන 76 ක් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

(Neth)