නිවසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මඟින් රැගෙන එන කාන්තාවන් නිවසට රැගෙනවිත් ලිංගික අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස සේවය කළ ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මාස 08 ක කාල සීමාවක් තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ලබන වසරේ අප්‍රේල් මස 15 වනදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අගුරු නොලැබුණහොත් ලබන වසරේ ජූලි මාසය වන විට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට මුහුණපෑමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය සඳහා අවසර ලබාදුන්න ද තවදුරටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් අඩුවක් පවතින බව නිරීක්ෂණය වී තිබෙන නමුත් එළඹෙන 01 වැනිදා සිට සාමාන්‍ය පරිදි ගෑස් නිකුත් කිරීම සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
Page 170 of 756