Sunday, April 19, 2026
Follow Us
Social and Equity

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Social and Equity

ඉන්දියානු ණ්‍ය යෝජනා ක්‍රමය යටතේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල, මාතර හා කළුතර එම දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Social and Equity

ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් ඊයේ (23) සවස මියගොස් ඇති බව පොලිසිය පවසයි

Social and Equity

මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද?

Social and Equity


හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවය.

පසුව එම වෙළෙඳසැල්වලට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබේ.

විදෙස් රටවලින් හොර රහසේ මෙරටට ගෙන්වා කල්ඉකුත්වීමේ සහ නිෂ්පාදිත දිනයන් ආදී වැදගත් තොරතුරු සඳහන් නොකර මිනිස් පරිභෝජනයට නුසුදුසු රසකැවිලි සහ චොකලට් දිවයින පුරා ඇතැම් වෙළෙඳසැල්වල අලෙවි කරන බව අනාවරණය වී ඇත.

 

ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පසුගියදා ආරම්භ කළේය.

ඒ යටතේ පළමු වැටලීම සිදුකර තිබුණේ හලාවත ප්‍රදේශයේදීය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ, විදෙස් රටවල්වලින් ගෙන්වා ප්‍රමිතියෙන් තොර චොකලට් සහ රසකැවිලි අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුම දිවයින පුරා සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

ARUNA

Social and Equity

ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම මාර්තු මස 24 වෙනිදා ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනයට සමගාමීව ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

Social and Equity

මෙම වසරේදී රුපියල් මිලියන 648ක් වැය කරමින් නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ එම නිවාස ඒකක ඉදිකිරීමට අපේක්ෂිතයි.

Social and Equity
 
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මාධ්ය අංශය විසින් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
Social and Equity
56 වන ජාතික අලුත් සහල් මංගල්යය අප්රේල් මස 1 සහ 2 යන දිනයන්හි දි පැවැත්වීමට නියමිතයි.
Social and Equity

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපලේ විශේෂ වැටලීම් මේවනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එස් අයි බෝපිටියගේ පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරන බවයි.

Social and Equity

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.

Social and Equity

සේවක හිඟය නිසා බරපතල අර්බුධ රැසකට මුහුණ පා තිබූ ආයුර්වේද සේවා සහායක හිඟය මග හරවාලමින් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 322 දෙනෙකු සඳහා III ශ්‍රේණියේ ආයුර්වේද සේවා සහායක පත්වීම් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රාජගිරියේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේදී සිදු කෙරිණ.

Social and Equity

ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

Social and Equity

කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නොහොත් බූරුමූණා නමැත්තා කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නීත්‍යනුකුල අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී අත්අඩංගුවේන් මිදී පැනයෑමට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම පලායෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, රැකවරණය සලසා සඟවා තබාගැනීම ඇතුළු චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 7 දෙනකු මෙමස 31 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (24) නියෝග කර තිබේ.

Social and Equity

බැක්ටීරියාවක් හරහා ඇතිවෙන ලිස්ටීරියෝසිස් හෙවත් ලිස්ටීරියා නම් රෝගී තත්ත්වය ප්‍රතිශක්ති උණතා තිබෙන පුද්ගලයින්ට සංකූලතා ඇති කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Social and Equity

සහල් අතිරික්තය අඩු ආදායම්ලාභීන්ට බෙදාහරින බවත් අඩු ආදායම්ලාභීන්ට තවත් සහන දීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.

Social and Equity
 
“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්යය” මැයි 05,06 සහ 07 තෙදින ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්රාමාත්ය කාර්යාල පරිශ්ර ආශ්රිතව මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.