Saturday, July 27, 2024
Follow Us
රිළවුන්ට වඳ සැත්කම්

දිනෙන් දින උග්‍ර වන රිළා උවදුරට පිළියම් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසීය.

අදාළ උවදුර පිළිබඳ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ පශු සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කර මේ වැඩපිළිවෙළ කඩිනම් කරන බවත් මාතලේ, ඕවිලිකන්ද මකුලේමඩ ගොවි නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

රිළා උවදුර මේ වන විට ලංකාව පුරාම ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් නිවෙස්වල බත් මුට්ටි පවා උස්සාගෙන යන බවත් කී හෙතෙම, භෝග වගාවන්ද විනාශ කර දමන බවත් කීවේය.

මේ සඳහා වහා පිළියම් යෙදිය යුතු බැවින් මෙම යෝජනාව කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දිසානායක මහතා පැවසුවේය.
ඇමැතිවරයා මෙසේ අදහස් පළ කර සිටින අවස්ථාවේදීම රිළවුන් විසින් අසල නිවෙසක ඇති පොල් ගසක කුරුම්බා විශාල ප්‍රමාණයක් විනාශ කර දමන අයුරු ද දැක ගැනීමට ඇමැතිවරයාට හැකි විය.

- Dinamina