Tuesday, February 24, 2026
Follow Us
විදේශ රැකියා සඳහා මේ වසරේ දී පිටත්ව ගිය සංඛාව ලක්ෂ දෙක ඉක්මවයි 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

 

ඊයේ (03) සවස හය වන විට මෙසේ ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව 200,026 ක් ලෙස වාර්තා කරනු ලැබී ය. 

විදේශ රැකියා සඳහා ඉතිහාසයේ වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර බවට පසුගිය වසර   වාර්තා වූ අතර එම වසරේ දී තුන්ලෂ එකොලොස්දහසක පිරිසක් විදේශගත විය

මේ වසරේ දීත් විදේශ රැකියා සදහා පිටත්ව යන සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.