මිනිස් ජාවාරම් වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) ඇතුළත් කිරීමට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය ඊයේ (01) සිය එකඟතාව පළ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
2023.02.26 වන දින පැවැත්වෙන උද්ඝෝෂණයක් සම්බන්ධව ලබාගත් අධිකරණ නියෝගයක් පොලීසිය විසින් දැනුම් දී ඇත.
අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඉතාලි රජයේ සහයෝගය ලබා දීමේ අරමුණින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර පසුගිය දා ඉතාලි තානාපති කාර්යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් The Technical Intern Training Program (TITP) සහ Specified Skilled Worker Program (SSW) වැඩසටන් සහ එකී වැඩසටහන්වලට අවස්ථාව සලසා දෙන ජපානයේ ආයතන ප්‍රවර්ධනය කිරීම පිණිස Japan International Trainee & Skilled Worker Cooperation Organization (JITCO) ආයතනය සමග එකඟතාවකට පැමිණ තිබේ.
ජාතික හැදුනුම්පත් හා විදේශ බලපත්‍රලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ආසන පහසුකම් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ,ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය හෙට (03) සහ අනිද්දා (04) දෙදින පැවැත් වේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත් , ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස් නවතා දැමුවද ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව භූ කම්පනයන් සිදු වූ අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම් සහ අත්පත්‍රිකාබෙදා හැරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.
2022 ගෝල් කොස්ට් ඕස්ට්‍රේලියා නෙට්බෝල් තරඟාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ ඇතුළු 62දෙනෙකුට අද (27) අධිකරණයෙන් ඇප ලබාදී ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින්, රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කරන ලද ව්‍යාජ අයදුම්පත්‍ර තරුණයින්ට ලබාදෙමින්, තරුණ පිරිස් මුලාවට පත්කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පසුගිය 22 දින අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක හා ඉඩම් සහ මහජන ආරක්ෂක යන අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙන් හා උසස් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂක කමිටුවක් පත් කිරීමටත්, අදාළ කමිටුව මගින් දෙසතියක් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව වූ වාර්තාවක් සකස් කිරීමටත් තීරණය කර තිබේ.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දහවල් පැවැත්විණි.
ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.
බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා වන පුහුණු ආයතනයක් සහ, පුහුණු පාඨමාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
පනාගොඩ යුද හමුදා කඳවුර තුළදී සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සාමාන්‍ය සෙබළකු අද (24) සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.
මෙම සෙබළා අද පස්වරු 4ට පමණ යුද හමුදා කඳවුරේ භට නිවාසය ඉදිරිපිටදී මෙසේ සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන තිබේ.
බරපතළ තුවාල තත්ත්වයෙන් පසුවූ සෙබළා පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Page 138 of 740