Saturday, February 14, 2026
Follow Us
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඔහුගේ ධුර කාලය හෙටින් අවසන් වීම හේතුවෙන් මෙසේ ඉල්ලා අස් වී ඇති බවයි.

මොහොමඩ් උවයිස් මහතා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ලෙස මාස 14 ක කාලයක් එම ධුරයේ කටයුතු කළේය.