Friday, February 13, 2026
Follow Us
Social and Equity

ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

Social and Equity

කාන්තාවන්ට හෝ ළමයින්ට සිදු වන අපරාධ පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

Social and Equity

කෘති භාර ගැනීම පෙබරවාරි 28 දක්වා

විමසීම්-0702464811 / 0714837683

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024 සඳහා කෘති භාර ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර, කෘති භාර ගැනීමේ අවසන් දිනය 2024 පෙබරවාරි 28 වේ.

Social and Equity

නිවසක සුරතලයට ඇති කරන බලු පැටවකු හිමිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු සපාකා විනාශ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

Social and Equity

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නතර කොට තිබු සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරේ. එම ව්‍යාපෘතිය  කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි.

Social and Equity
  • දායකවූවන්ට ජනපතිගෙන් පැසසුම්.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.

Social and Equity

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය, සිය පවුලේ සාමාජිකයන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය අතරතුර මෙම හමුව සිදු විය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු ලැබීය.

Social and Equity

‘මගේ ළමයා’ යන සිතිවිල්ලෙන් මිදී ‘අපේ ළමයින්’ යන සිතුවිල්ලට අප එළඹිය යුතු කාලය පැමිණ ඇති බැවින් සියලු ළමුන් කෙරෙහි අවධානය යොමු කිරීමට  වැඩිහිටියන් වන අප උපරිම කැපවීමෙන් ක්‍රියාකළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති  උදයකුමාර අමරසිංහ මහතා පවසයි.

Social and Equity

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Social and Equity

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

2024- 2025 වසර වන විට හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයෙන් රුපියල් බිලියනයක් උපයා ගැනීමට අප බලාපොරොත්තු වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Social and Equity

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක්  ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Social and Equity

2019/2020 අ.පො. ස උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂයධාරා වලින් සමත්වී සිසු හෙද පුහුණූව සදහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් සිසු හෙද පුහුූණුවට තෝරා ගැනීමට මුලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි මස 13 දින සිට පෙබරවාරි මස 18 දින දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ‍

Social and Equity
  • මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම ඇරඹේ.
  • වයස අවුරුදු 21ට අඩු පිරිස සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීමට වෛද්‍යාධාර.
  • කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර.
  • වෛද්‍යාධාර ලබාදීමේ දී සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කෙරේ.
Social and Equity

ජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම  සම්බන්ධව  විධිමත් පරීක්ෂණයක් ජාතික රෝහල‍ෙන් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විධිමත් කමිටුවක් හරහා ද මේ පිළිබද සාක්ෂි විමසීමක් දැනටමත් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන් රෝගියකු මියගිය බවට වූ හෙළිදරව්ව පිළිබද කරුණු සොයා බැලීමට අද (01) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ ජාතික රෝහලේ නිරික්ෂණයකට  සහභාගි වෙමින් මේ බව සඳහන් කළේය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්විය. 

රෝගී ජිවිත බේරා ගැනීම සදහා විශිෂ්ට සේවාවක් මෙම රෝහල් පද්ධතිය තුළින් සිදු කරනු ලබනවා මෙන්ම මෙවැනි සිද්ධි සම්බන්ධව පරික්ෂා කිරිම් සිදු කර සිදු වූයේ කුමක් ද යන්න සොයාගෙන එවැනි වරදක් වී ඇත්නම් නැවත එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගැනිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද  අමාත්‍යවරයා මෙහිදී පැවැසිය. 

වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා.

“ඉහත සිදුවීම සිදුවන අවස්ථාවේ සේවයේ නිරතව සිටි වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලින් සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම රෝගී කාන්තාව සැත්කමකට භාජනය කර නැවත වාට්ටුව වෙත ගෙනවිත් නිර්වින්දනයෙන් සුවපත් වන අවස්ථාවේ දි මෙම ගැටලුව මතුව තිබෙන බව වාර්තා වෙනවා. සිදු වූ සිද්ධිදාමය පිළිබදව සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.”  

“කාබන්ඩයොක්සයිඩ් නොසැලකිලිමත් ලෙස ලබාදීම යන කරුණ පිළිබදව පැහැදිලි ගැටලුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එම ස්ථානයට සම්බන්ධ වූ කාබන්ඩයොක්සයිඩි සිලින්ඩරයක් තිබිලා තිබෙනවා. ඔක්සිජන් ලබාදි ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙය සිදු වූනේ අවසන් අවස්ථාවේ ද මුල් අවස්ථාවේ ද යන්න පිළිබදවත්, අවසන් අවස්ථාවේ අත්වැරදීමකින් යම් දෙයක් සිදු වුණා ද කියන ගැටලුවත් මෙතන තිබෙනවා. එම ගැටලුව විසදාගැනීමට මෙම පරික්ෂණ සිදු කරන්නේ. ඒ අනුව මතුවන කරුණු අනුව අදාළ  ක්‍රියාමාර්ග ගන්නවා. 

Social and Equity

බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04)  පැවැත්විණි.

Social and Equity

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩපිළිවෙළ ජනවාරි 01  සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ  කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා ඊයේ (03) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

Social and Equity

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ  මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන්  එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ  බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින්  ආරක්ෂක ස්ථාන කරා අද (31) යොමු කර ඇති බව වාර්තා වෙයි.