Thursday, February 12, 2026
Follow Us
සබරගමුව මහ සමන් දේවාලයේ  වාර්ෂික පෙරහැර මංගල්‍යයේ කප් සිටුවයි

සබරගමුව ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා ලබා දී ඇති නැකැත් පත්‍රයට අනුව පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නියමිත දින වකවානු මේ වනවිට නිවේදනය කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

ඒ අනුව අද (05) කප්සිටුවීම සිදුකිරිමෙන් පසුව අද (05)  සිට අගෝස්තු 09 වනදා දක්වා කුඹල් පෙරහැරද,  අගෝස්තු 10 වනදා සිට අගෝස්තු 14 වන දින දක්වා විථි පෙරහැරද, අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 19 වන දින දක්වා මහ පෙරහැරද(රන්දෝලි පෙරහැර) විදී සංචාරය කිරීමට නියමිතය.

අගෝස්තු 08 වන දින දිය කැපීමේ මංගල්‍යය ඓතිහාසික රතඹලඇල්ල ප්‍රදේශයේදී සිදුකර දහවල් පෙරහැර පවත්වා ගෙට ගෙවදීමෙන් පසුව 2024 සබරගමුව මහ සමන් දේවාලයේ  වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.