දින 12ක් පුරා ක්‍රියාත්මක දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (07) සවස වන විට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. එම වර්ජනයට එක්වී සිටින දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කලේ තමන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් සමග සාකච්ජාවකට එක්ව සිටින බවයි.
සුරාබදු නිලධාරීන්ගේ විරෝධය නොතකා රජය විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප‍්‍රවාහනය කිරීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන සීමාවන් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට සුරාබදු වෘත්තීය සමිති එකමුතුව විරෝධය පළ කරනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ සිද්ධියට සැකකරුවන් අට දෙනකු හා දෙහිවල බාබිකල් ඉන් ලැඟුම්හලේ සිද්ධියට සැකකරුවන් හතර දෙනකු වශයෙන් නම් කර අධිකරණයට වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කටයුතු යොදා ඇත.
The Railways Department will provide security for employees who have been reportedly threatened by unionists to refrain from reporting to work, its General Manager Dilantha Fernando said.
වදක තනතුරට බඳවා ගැණුනු සේවකයන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයට අනියුක්ත කරන ලෙසට කළ ඉල්ලීමක් බන්ධනාගාර මූලස්ථානය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා ඒ ඒ දුම්රිය ස්ථානවලට භාර දුන් පාර්සල් බොහෝමයක් දුම්රිය වැඩවැරුම හේතුවෙන් ඒ ඒ තැන්වල ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ. එලෙස දුම්රිය ස්ථානවල ඇති පාර්සල්වල අඩංගු ඇතැම් ද්‍රව්‍ය මේ වන විට නරක්වීමට ආසන්නව ඇතිව බවද දැන ගැනීමට ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් තුන්දහසක් (3000) සේවයෙන් ඉවත් කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඇතුළු කම්කරු සංවිධාන කීපයකට සහ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කළ බවද දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ පවසයි.
ඉකුත් සිකුරාදා (04 වැනිදා) වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 29 දෙනෙක් ඇප තැන්පත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය. එය ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය ලබාදී තිබෙන තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සාමාජික, ගාමිණී වියන්ගොඩ තීරණය කර තිබේ.
For the first time ever in Sri Lankan politics a public debate was organized to bring all presidential candidates to one table to face questions posed to them on their policies and plans they had for the country.
හබරණ දී ඇතින්නියන් හත් දෙනෙක් මිය ගියේ ස්වභාවිකව ද එසේත් නැතිනම් මානව ක්‍රියාකාරකමක් නිසා සිදුවූවක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.
2019 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 න් අවසන් විය.
ඔක්තෝබර් 15 සිට 25 දින අතර කාල පරාසය තුළ කිතුනු දේවස්ථාන වෙත හිංසාකාරී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජාතික බුද්ධි අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම හෙට (07) දිනයේදී පැවැත්වෙන නිසා මැතිවරණ කොමිසන් සභාව අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කර සිටිනවා. මෙම විශේෂ රථ වාහන සැලැස්ම හෙට පෙරවරු 6 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Archbishop of Colombo Cardinal Malcolm Ranjith had asked for security for catholic institutions to ensure the safety of devotees and others who come to such places following fresh concerns on the security.
All Railway employees have been instructed to report to work as their leave has been cancelled after railways was declared an essential service.
Page 687 of 737