Thursday, May 15, 2025
Follow Us
කාති උසාවියට එරෙහිව මුස්ලිම් කතුන් පෙළ ගැසෙති

කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට සහ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එම උසාවි ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීමට කටයුතු කළ යුතු බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල පවසයි.

ඔවුන් ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය.

කාති උසාවි වලින් අසාධාරණයට ලක්වූ බව කියන කාන්තාවන්ද ඊට එක්ව සිටියේය.

මෙවැනි පසුබිමක ,1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

එමෙන්ම 1907 අංක 19 දරණ විවාහ( සාමාන්‍ය) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක්ද රතන හිමියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

(Lanka Leads)