Sunday, January 11, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට පැය 12 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (10) රාත්‍රී 10 සිට හෙට උදෑසන 10 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. මීට අමතරව එම කාල සීමාව තුළ කොටුව සහ කොළඹ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)