Monday, August 17, 2026
Follow Us
ජනපති හදිසියේම කොළඹ ජාතික රෝහලට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.

ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි මහජනතාව සහ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කර තිබේ.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පෙර දැනුම් දීමකින් තොරව ආයතන වෙත යාම සිදුකරමින් සිටියි.

(Lanka Leads)