Thursday, May 15, 2025
Follow Us
හඬපට ප්‍රසිද්ධ කිරීම වාරණය කරන්නැයි ඉල්ලා මෝසමක්!

රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද බවට සැක කෙරෙන හඬපට ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අත්හිටුවන්නැයි ඉල්ලමින් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්ව ඇති මෙම මෝසමෙන් ඉල්ලා සිටින්නෙ අදාල දුරකතන සංවාද හඬපට ප්‍රසිද්ධ කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම අද දිනයේදී සලකා බැලීමට නියමිතව තිබිණි.

මේ වනවිට හඬපට කිහිපයක් විද්‍යුත් මාධ්‍ය හරහා සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී තිබේ. මේ අතර අදාල හඬපට සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ අපරාද කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ද වාර්තා වේ.

(LNW)