Tuesday, February 10, 2026
Follow Us
ගැටලු වලට විසඳුම් නොලැබුනහොත් තැපෑලත් වර්ජනයක

ලබන 25 වනදා වනවිට සිය ගැටලූ වලට විසඳුම් නොලැබුණහොත්, වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ පසුගිය වසරේ ජුනි මාසයේ දින 16ක් පුරා සිය සංගමය දියත් කළ වැඩවර්ජනයේදී කළ ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දී නොමැති බවයි.

සිය ඉදිරි වෘත්තීය කි‍්‍රයාමාර්ග තීරණය කිරීම සඳහා අද පස්වරුවේ විශේෂ සාකච්ඡුාවක් පැවැත්වෙන බව ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)