Wednesday, July 09, 2025
Follow Us
ලොව පුරා කිතුණුවන් බැතියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අද

ලොව පුරා කිතුණුවන් බැතියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අදට (12) යෙදී තිබෙනවා. කුරසය මත ජිවිතය දුන් ජේසුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම පාස්කු ඉරිදාවේදී සිදු කෙරෙනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් කරුනු දක්වන අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජුඞ් කි‍්‍රෂාන්ත පියතුමා සඳහන් කළේ ජේ්සුස් වහන්සේ මේ ලොවට පැමිණෙන්නේ ජනතාව පාපයෙන් ගලවා ගැනීමට බවයි.

මේ අතර කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනය සමනය වී සියලූ ලෝකවාසීන්ට සහනය උදා වේවායි අද නැවත ප‍්‍රාර්ථනා කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් පැවසුවා.

කාදිනල් හිමිපාණන් සහභාගීවන පාස්කු දේව මෙහෙය සුළු පිරිසකගේ පමණක් සහභාගීත්වයෙන් අද පෙරවරු 07.30ට සිදු කෙරෙනවා. නිවසේ සිට ඊට එක්විය හැකි බවයි සියලූ කිතුණුවන්ට සිහිපත් කෙරුණේ.

(Neth)