Friday, October 18, 2024
Follow Us
රට තාමත් අනතුරේ (VIDEO)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පසු රටේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අනතුරුදායක තත්ත්වයක පවතින බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) කැළණිය ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් අවබෝධයකින් සිදු නොවන බව දැන් පැහැදිලි බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

තමන් එසේ පවසන්නේ තවදුරටත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණු වූ අය අත්අඩංගුවට පත්වෙමින් සිටින නිසා යැයි සරත් ෆොන්සේකා මහතා පැවසීය.

වත්මන් ආරක්ෂක ලේකම්වරයා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කළ ප්‍රකාශයේ විශ්වසනීයභාවය සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නයක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.

(LNW)