Friday, October 18, 2024
Follow Us
හොරු රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහන ක්‍රමයක් අද රටේ ඇතිවෙලා

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව හරහා සිදුවන්නේ එහි වගකීම එක් එක් පාර්ශ්වයන්ට පැවරීම පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේය.

“ව්‍යවස්ථාදයක සභාවට නම් කරපු නම් ටික දැක්කහම පේනවා පහුගිය අවුරුදු 4රේ මහබැංකු හොරකමට සම්බන්ධ මිනිස්සු ටිකයි මේ රට විනාශ කරපු මිනිස්සු ටිකයි එකට වාඩි වෙලා පාස්කු ප්‍රහාරය පිළිබඳව රටේ තියෙන මතවාදය යටපත් කිරීමට උත්සාහ කරන බව.

හොරු රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහන ක්‍රමයක් තමයි අද රටේ ඇතිවෙලා තියෙන්නේ.

ඔවුන් කරපු දේ සාධාරණීකරනය කරන්න අවශ්‍ය පසුබිම තමයි මේ හදන්නේ.

තේරීම් කාරක සභාව රැස්වෙලා ආණ්ඩුවට ඇතිවු විරෝධය වළක්වාගෙන මේකට හේතුව ජනාධිපතිවරයා කියලා තමයි පෙන්නන්න හදන්නේ.

හැබැයි යහපාලනයේ ජනපති අගමැති ඇතුළු සියලු දෙනා එකතු වෙලා තමයි රට මේ තත්ත්වයට පත් කළේ.

කමිටු වාර්තා මාධ්‍යවල යනවිට හැමෝම බලනවා. ඒ තරම් හාස්‍යජනක දෙයක් නෑ.” යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කළේය.

(Lanka Leads)